Bologna

/Bologna
Bologna 2017-01-11T17:09:31+01:00

බොලෝඤ්ඤා නගරය

රතන සූත‍්‍රයේ සඳහන් වෙනවා. (යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා) පොළොවේ ගැඹුරට හාරලා ඉන්ද්‍රඛීලයක් හිටෙව්වද, (චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ) හතර දිශාවෙන්ම හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ධර්මය කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ශ‍්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ඒ පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. යමෙකුට අන්න ඒ වගේ පැහැදීම ඇතිවුණා නම්, ඒක තමයි (පුඤ්ඤාභිසන්ද) පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි (කුසලාභිසන්ද) කුසල ගංගාව. ඒක තමයි (සුඛස්සාහාරා) සැපය ඇතිකරල දෙන දේ.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේම අපට පෙන්වා දී තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං (මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ) අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා… එතකොට එතැන ගුණ නවයයි. එයාගේ හිතේ ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීම තියෙන්නේ මේ ගුණ නවය පිළිබඳවයි. එයාගේ ඒ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අන්න ඒ වගේ පැහැදීමක් ඇතිවුණා නම්, ඒක පළවෙනි පුණ්‍ය ගංගාවයි, කුසල් ගංගාවයි. ඒ හේතුවෙන් එයාට සැපය ගලාගෙන එන ජීවිතයක් ලැබෙනවා.

විමසීම් 

සීල භාවනා වැඩසටහන් හි සොදුරු දසුන්