සෙනසුන් පුජාව

/සෙනසුන් පුජාව
සෙනසුන් පුජාව 2017-11-11T04:24:35+01:00

සෙනසුන් පුජාව 

නමෝ බුද්ධාය…!

       සැදැහැවත් පින්වත,

       ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ සලසා දීමේ උදාර අරමුණින් 1999 වර්ෂයේ අති පුජනිය කිරිබත්ගොඩ ඤාණානන්ද ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මහමෙව්නාව භාවනා අසපුව අරම්භ කරන ලදී .මේ වන විට පින්වත් ස්වාමින් වහන්සේලා 800 නමකට ආසන්නව වැඩ සිටින මහමෙව්නාව භාවනා අසපු සංචිතය දෙස් විදේශ ධර්ම ප්‍රචාරයේ නියැලී සිටි.

දැනට ශාඛා 23 කින් සමන්විත විදෙස් මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් දහස් ගණනක් විදෙස් රටවල ජිවත් වන සැදැහැවතුන් වෙත ධර්ම දානය ලබා දෙමින් ඒ ඒ රටවල වැඩ වාසය කරති.

     එම විදේස ධර්ම ප්‍රචරයේ  ප්‍රතිඵලයක් ලෙස දැනට වසර තුන හමාරකට පෙර ඉතාලිය මිලානෝ නගරයේද භාවනා අසපුවක් ආරම්භ කරන ලදී .ඉතාලිය ඇතුළු යුරෝපා රටවල ධර්ම ප්‍රචාරයේ යෙදෙන මිලානෝ මහමෙව්නාව භාවනා අසපුව දැනට පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ලබා ගත් නිවසක් තුලය.

    මේ අතර අසපුව සදහා ස්ථිර ගොඩ නැගිල්ලක් සෙවීම දැනට ටික කලකට පෙර ආරම්භ කළෙමු.එහි ප්‍රතිඵලයක් ලෙස අසපුවකට සුදුසු ගොඩනැගිල්ලක් අප හට සොයා ගත හැකි විය.එම ගොඩ නැගිල්ල ස්වාමින් වහන්සේලා හය නමකට නේවාසිකව වැඩ වාසය කල හැකි අතර විශාල ප්‍රමාණයේ ධර්ම ශාලාවක්ද දාන ශාලා සහ වැසිකිලි කැසිකිලි පහසුකම් වලින්ද යුක්ත වේ. පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පුර්ණ ආශීර්වාදයෙන් දැනට එම ගොඩ නැගිල්ල මිලදී ගැනීම සදහා කටයුතු පිලියල කරමින් තිබේ.

      ගෞතම බුදු සසුන උදෙසා සිදු කරන යුගයේ අසිරිමත් සෙනසුන් පුජාවට පින්වත් ඔබටත් සහභාගීවී අපමණ පිං රැස් කර ගනිත්වා…….!!!

තොරතුරු ගැන දැන ගැනීම මහමෙව්නාව අසපුව ඉතාලි
දුරකථන අංකය – 0039 02 9000 54 90

ඊ මේල් – Info@mahamevnawa.it / mahamevnawaitaly@gmail.com

ඔබටත් පවුලේ සැමටත් තුනුරුවනේ අනන්ත ආශීර්වාදය සැලසේවා …! ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා..!

                                                                       තෙරුවන් සරණයි…!

මෙයට ,
ගෞතම බුදු සසුන තුල මෙත් සිතින්

පින්වත් ස්වාමින් වහන්සේලා .

මහමෙව්නාව භාවනා අසපුව ඉතාලිය .