Roma

/Roma
Roma 2017-01-03T14:38:31+01:00

රෝම නගරය

පින්වතුනි, 

මේ ධර්ම අවබෝධ කරන්න වාසනාව තියෙන්න ඕන. හැබැයි, ඒ වාසනාව පිටට පෙන්නේ නැ.අපි තුලත් ඒක තියනවාද කියල අපි දන්නේ නැ.අපි තුල ඒ වාසනාව තියනවා කියල දැන ගන්නේ අවබෝධයෙන්ම ශ්‍රද්ධාවේ පිහිටපු දවසට. අවබෝධයෙන්ම ශ්‍රද්දවේ පිහිටපු දවසට අපට මේ ධර්මය තේරුම් ගන්න පුළුවනි. මොකද, හිත පහදින්න පටන් ගන්නේ වාසනාවට. ධර්මය නුවණින් මෙනෙහි කරනකොට, මෙනෙහි කරනකොට හිත පහදින්න පටන් ගන්නවා. හිත පහදින්න පටන් ගන්නකොට ශ්‍රද්ධාව පිහිටනවා. ඒයාට ඇද පෙන්නේ නැ. සමහරු ධර්මය අහනවා. අහගෙන ඉදලා ඉස්සරහට මොකක් හරි ඇදයක් ගන්නවා. අරගෙන අදය තමයි උලුප්ප උලුප්පා කතාකරන්නේ. එයාට ධර්මය අල්ලන්න බැහැ.

ධර්මයේ ඇද හොයන්න බණ අහනවානම් එයා කළුවර පැත්තේ තියන හදක් වගේ කියනවා. කළුවර පැත්තේ තියන හද කළුවර වෙනවා මිසක් එළිය වෙන්නේ නැහැ. ඒ වගේම ඇද හොයන්න බණ අහනවා
නම් දිය සිදිගෙන යන තැනක ඉන්න මාළුවෙක් වගේ කියනවා. ඒ මාළුවා මැරිලා යනවා මිසක් වතුර හම්බවෙන්නේ නැනේ.
ඒ වගේ මේ ධර්මයෙන් ඈත් වෙලා යනවා. ඒ නිසා ධර්මය අහන කොට අහන්න ඕන අවබෝධ කරනවා කියන අදහසින්. අවබෝධ කරනවා කියන අදහසින් අහන එකට ” අට්ඨිිකත්වා මනසිිකත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාථ ” කියල කියනවා. “මම මේක අවබෝධ කරගන්නවා” කියන අදහසින්, කන් යොමුකරගෙන බණ අහනවා. බුදු රජාණන් වහන්සේගේ කළේ ධර්මය අවබෝධ වුනේ ඒ අයට තමයි. ” මං මේක අවබෝධ කරනවා” කියන අදහසින් කන් යොමුකරගෙන බණ අහන කෙනා තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. මේ කාලයේ වුනත් අවබෝධ වෙන්නේ එහෙම අහන යට තමයි.

ඒක බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මිනිස්සු අහගෙන ඉදලා මාර්ගඵල ලැබුවා කියල ඔබ අහල තියනවා නේ. ඒක වෙන හැටිත් බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. ඒ තමයි (  අට්ඨිිකත්වා මනසිිකත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාථ ) මනා කොට, අවදානය සියට සියක් යොමු කොට, කන් යොමු කරගෙන බණ අහනවා. බුදු රජාණන් වහන්සේගේ ධර්මයට සවන් දෙන කොට ඒ බුදු රජාණන් වහන්සේගේ හඩ… හැකියාව … උන් වහන්සේගේ වචන… මේ ඔක්කොම බලපානවා. ඊට පස්සේ ඒ අහගෙන ඉන්න කොට එයාගේ පංච නිවාරණ සන්සිදෙනවා. සතර සතිපට්ඨානයේ සිත පිහිටනවා. බුදු රජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන කොට අවබෝධ වෙනවා. අන්න එකයි අහගෙන ඉන්නැදිදී ධර්මය අවබෝධ වෙනවා කියන්නේ. හැබැයි, අපි මේ ජීවිතයේදී එහෙම එකක් පුරුදු කලොත්, අපට ඒක නොවැරදීම මේ ජිවිතයට හෝ ඊලග ජිවිතයට උපකාර වෙනවා. එහෙම නැත්නම් අපිට ඒ අවස්ථාව අහිමි වෙන්න ඉඩ තියනවා.   

විමසීම් 

Address:-         Via Acqui 31/A ponte lungo,
Roma.

කිත්සිරි මහතා:-  T.P. +39 02 9000 54 90 
E-mail :-           info@mahamevnawa.it /
mahamevnawaitaly@gmail.com

සීල භාවනා වැඩසටහන් හි සොදුරු දසුන්