Pesaro

/Pesaro
Pesaro 2017-01-03T14:39:27+01:00

පේසරෝ නගරය 

              මායාවක් නොවූ යථාර්ථය…..

   බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුනේ වයස 35 දී. උන් වහන්සේ පිරිනිවන් පා වදාළේ වයස 80 දී. ඒ 35 ත් 80 ත් කියන අතරේදී වසර 45 කාලයක් උන්වහන්සේ මේ ලෝකයට යම් කිසි දෙයක් ප්‍රකාශ කරගෙන ගියා. ඒ ප්‍රකාශ කරපු දේ මේ සමස්ත ජනතාව ගෙන් බුද්ධිමත් මනුෂ්‍යයන්ට උන්වහන්සේ වදාල ඒ දෙය හොදින් ගැලපි ගියා. බුදු රජාණන් වහන්සේ වදාල  දෙය මායාවක් උනේ නැහැ. බලාපොරොත්තුවක් වුනෙත් නැ.

   උන්වහන්සේ වදාල දෙය මේ ජීවිතය තුලම අත්දකින්න පුළුවන් පැහැදිලි සත්‍යයක් උණා. බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය හුදෙක් ප්‍රාර්ථනාවකින් අවසන් වුනේ නැහැ. උන්වහන්සේගේ ධර්මය බලාපොරොත්තු දෙන ධර්මයක් නෙමෙයි. අවබෝධ කරවන ධර්මයක්.

  එකයි ඒ ධර්මයට බුද්ධිමත් මනුෂ්‍යයන් වුවමනා වෙන්නේ. සාමාන්‍ය ලෝකයා ඉල්ලන්නේ ප්‍රර්ථනා කරන දෙයක්.  සාමාන්‍ය ලෝකයා ඉල්ලන්නේ බලාපොරොත්තුවක් සාමාන්‍ය ලෝකයා ඉල්ලන විදිහේ ප්‍රර්ථනා කර දෙයක්, බලාපොරොත්තුවක් නෙමෙයි බුදු රජාණන් වහන්සේ දුන්නේ. උන්වහන්සේ දුන්නේ අමබෝධ කරන දෙයක්. හැසිරෙන දෙයක්, අත් දකින්න දෙයක්.

  බලාපොරොත්තුවක් ඉල්ලන ලෝකයට අවබෝද කරන්න දෙයක් දෙනවා. පැතුමක් ඉල්ලන ලෝකයට ශාක්ෂාත් කරන්න දෙයක් දෙනවා. එතකොට පින්වතුනි බුද්ධිමත් කෙනා ඒ අර්ථය අල්ලගන්නවා. ඒ ධමය තේරුම් ගන්න දක්ෂ වෙනවා. 

  කුමක්ද බුදු රජානන් වහන්සේ අවබෝධ කරගන්න දීපු දේ, ඒ තමයි චතුරාර්ය සත්‍යය. ආර්ය සත්‍යය හතරක්. යම් කිසි කෙනෙකුට ඒ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්න ලැබුනොත් ඒ කෙනාගේ ඒ දැක්ම නිවැරදියි. ඒ කෙනා ඒ ලෝකය දැකිය පිළිවෙල නිවැරදියි. යම් කිසි කෙනෙකුට ඒ  චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ලැබුනොත් අපි කියනවා ඒ කෙනා සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා. අපි සම්මා දිට්ඨිය ගැන කතා කරනවා.ඒ කියන්නේ ආලෝකය ගැන කථා කරනවා. ආලෝකය ගැන කතා කරන්නේ අදුරක් තියන නිසා.අදුර කියල කියන්නේ මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සම්මා දිට්ඨිය නැතිකමයි. චතුරාර්ය සත්‍යය නොදන්නා කමයි.

  මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනා, චතුරාර්ය සත්‍යයට නොපැමිණි කෙනා හැම තිස්සෙම අදික මාන්නයකින් යුක්තයි. චතුරාර්ය සත්‍යයට නොපැමිණි කෙනා හැම තිස්සෙම නොමග යන සුළුයි. චතුරාර්ය සත්‍යයට නොපැමිණි කෙනා හැම තිස්සෙම මුලාවෙන සුළුයි. චතුරාර්ය සත්‍යයට නොපැමිණි කෙනා හැම තිස්සෙම ලැහැස්ති වෙන්නේ තමන්ගේ දෙයක් යුවා දක්වන්නයි.චතුරාර්ය සත්‍යයට නොපැමිණි කෙනා හරි භයානකයි. මොකද ඒ කෙනාගෙන් තමයි මිත්‍යා දෘෂ්ටිය පැතිරෙන්නේ. ඒ කෙනාගෙන් තමයි අධර්මය ඇහෙන්නේ. චතුරාර්ය සත්‍යයා වබෝධයට නොපමිනිච්ච කෙනා නොදනිම චතුරාර්ය සත්‍යයට විරුද්ධ වෙනවා.චතුරාර්ය සත්‍යය කතා කරන කෙනාටත් විරුද්ධ වෙනවා. චතුරාර්ය සත්‍යය හෙලා දකිනවා. අන්න ඒ කෙනා පිරිහෙන්න පටන් ගන්නවා.

   ඒ කෙනාගේ ජීවිතය පිරිහීම කිසි කෙනෙකුට වලක්වන්න බැ.(ධම්ම දෙස්සී පරා භවෝ) ධර්මය ද්වේශ කරනවානම් ඒ කෙනා පිරිහී යනවා යනවා මයි. ( ධම්ම කාමෝ භවං හොති ) දීයුණු වෙන එක්කෙනා හැම වෙලේම ඒ ධර්මයට කැමති කෙනෙක්.ඒ දියුණුව ලබා ගන්න නම් ධර්මයට කැමති වෙන්න ඕනි.කවර ධර්මයකටද චතුරාර්ය සත්‍යය ධර්මයටයි…..

ලක්බිමින් ඇරඹ් මහමෙව්නවවේ ඒ චතුරාර්ය සත්‍යය අවබෝධය උපකාර පිණිස බුදු රජාණන් වහන්සේගේ පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මය කියාදීමේ සදහම් සේවයේ ප්‍රතිඵලයක් ලෙස පෙසරෝ නගරයේ සිටින පින්වත්  ඔබටත් ඒ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගෙන පුරුදු කිරීමේ අවස්ථාව ඉතාලිය මහමෙව්නාව භාවනා අසපුව විසින් දැන් උදා කර දී ඇත.    

විමසීම් 

Address:-         Via Pantanelli 157
Montelabbate 61025 (PU)

මහින්ද මහතා:-  T.P. +39 02 9000 54 90 
E-mail :-           info@mahamevnawa.it /
mahamevnawaitaly@gmail.com

සීල භාවනා වැඩසටහන් හි සොදුරු දසුන්