නාපෝලි නගරය

ප‍්‍රඥාවන්ත මනුෂ්‍යයා උපතින් ගේන එකක් තියෙනවා. ඒ, නුවණින් කල්පනා කරන්න පුළුවන්කමයි. ඒක බලෙන් දෙන්න බෑ කියලා අපට තේරුම් ගිහිල්ල තියෙනවා. අපට ඒක කොච්චර දුරට තියෙනවාද කියලා අපි දන්නේ නෑ. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයම විමස විමසා බලන්න ඕන.

හැබැයි, මෙහෙම එකක් හිතන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන කෙනාට ඒ ධර්මය මතක හිටිනවා. මතක හිටිනවා කියන එකේ තේරුම කටපාඩම් හිටිනවා කියන එක නෙවෙයි. ‘ඒ ධර්මයෙන් මෙන්න මේ විදිහටයි මං ජීවිතේ ගැන බලන්න ඕන’ කියන පණිවිඩය යනවා. ඊට පස්සේ එයා ඒ විදිහට නුවණින් විමසන්න පටන් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප‍්‍රඥාවන්ත කෙනා ගැන ”මුහුත්තම්පි චේ විඤ්ඤූ” කියලා පෙන්වා තියෙන්නේ. අන්න ‘විඤ්ඤූ’ කියන වචනය ආවා.

මුහුත්තම්පි චේ විඤ්ඤූ – පණ්ඩිතං පයිරුපාසතී
ඛිප්පං ධම්මං විජානාති – ජිව්හා සූප රසං යථා

“විඤ්ඤූ” කිව්වේ බුද්ධිමත් කෙනා. මොහොතක් හරි නුවණ තියෙන කෙනෙක්ව ඇසුරු කරනවා නම් වහා ධර්මය අවබෝධ කරගන්නවා. හරියට ව්‍යංජන රසය දන්නා දිව වගේ.

ඊළඟට තියෙනවා (යාව ජීවංපි චේ බාලෝ – පණ්ඩිතං පයිරුපාසතී) අඥාන පුද්ගලයා මුළු ජීවිත කාලයම නුවණ තියෙන කෙනෙක්ව ඇසුරු කළත් (න සෝ ධම්මං විජානාති) එයා ධර්මය දකින්නේ නෑ. (දබ්බී සූප රසං යථා) හොද්දේ දාපු හැන්දක් වගේ.

විමසීම් 

සීල භාවනා වැඩසටහන් හි සොදුරු දසුන්