Catania

/Catania
Catania 2017-02-14T19:50:57+00:00

කතානියා නගරය  

පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා “ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූ” කියන ලක්ෂණයෙන් යුක්තයි. “ධම්මං සරණං ගච්ඡාමි” කියලා අපි සරණ යන්නේ ඒ ධර්මයයි කියන තැනට අපි එන්න ඕන.

එතකොට ඔය විදිහට ධර්මය තේරුම් අරගෙන සිත පහදින්න නම් අපට යම්කිසි නුවණක් ඕන නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාගේ මේ ධර්මය “ප‍්‍රඥාවන්තයින් උදෙසා” කියලයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනාගන්නේ ප‍්‍රඥාවන්ත කෙනෙක්

එතකොට ‘අන්න ඒ ධර්මයට සමාන කිසිවක් නෑ’ කියලා පැහැදීමක් ඇතිවුණොත්, ඒ කෙනාට පළුවනි මේ ධර්මය කෙරෙහි නොසෙල්වෙන චිත්තප‍්‍රසාදයක් ඇති කරගන්න. එහෙම නැත්නම් වෙන්නේ වෙන වෙන දේවල් අහනකොට “ආ… මේකමනේ අරකෙත් තියෙන්නේ… අරකනේ මේකෙත් තියෙන්නේ…” කියලා රැවටෙනවා. එයාට වෙන් වශයෙන් දකින්න බැරිව යනවා. අවබෝධයෙන්ම මේක තේරුම් ගත්තොත් එයාට වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. එයාට ‘මේ ධර්මයේ තියෙන දේවල් ලෝකයේ වෙන කොහේවත් නෑ’ කියලා තේරෙනවා. අන්න එතකොට තමයි එයාට නොසෙල්වෙන චිත්තප‍්‍රසාදයක් ඇතිවන්නේ. එහෙම නැත්නම් දැන් ඔන්න අපි බෞද්ධ කියලා කියාගෙන ඉන්නවා. තව කෙනෙක් මේකට විරුද්ධව මොකක් හරි කියනවා නම් එයා ඒකට සක්ක ගහනවා. ‘ඒකත් හරි තමයි’ කියනවා. බනින කොට ‘ආ… හරි තමයි ඒකත්’ කියනවා. හේතුව, එයාට නිවැරදිව ස්ථාවරයක් නැහැ. ඊට පස්සේ ඒ කවුරුහරි ධර්මයට විරුද්ධව මොනවා හරි කිව්වොත් එයා එක ගන්නවා. අරගෙන ඒක කියාගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි අවබෝධයෙන් පැහැදුණේ නැත්නම් මේ වගේ දේවල් සිද්ධ වෙනවා.

ඒ නිසා පින්වත්නි, මනුෂ්‍යයෙකුට අවබෝධයෙන් පැහැදෙනවා කියන එක කරගන්න ලැබුණොත් එයා මේ ලෝකයේ ඉතාම පින්වන්ත කෙනෙක්, වාසනාවන්ත කෙනෙක්. අවබෝධයෙන් පැහැදීම ඇති කර ගත්තොත් ඒ පැහැදීම නොසෙල්වෙන එකක්. ඒකයි ‘අවෙච්චප්පසාද’ කියන්නේ. අපි උපමාවකිනුත් කිව්වනේ, ඒ පැහැදීම තියෙන්න ඕන ඉන්ද්‍රඛීලයක් වගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි ඇතිවන පැහැදීමත් තියෙන්නෙ ඕන ඉන්ද්‍රඛීලයක් වගෙයි. ඒ විදිහට ඉන්ද්‍රඛීලයක් වගේ තියෙන්න පුළුවන් වෙන්නේ ධර්මය දැනගත්තොත් විතරයි. ධර්මය දන්නෙ නැත්නම් ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීමක් ඇති කරගන්න පුළුවන්කමක් නෑ.

dkytttttt

විමසීම් 

Address:- Piazza santa maria gesu,Via cifali 3/acatania(CT)3/acatania(CT)
Sanjey roshan (Saji) :-  T.P.+39 ‎329 174 4409
E-mail :- info@mahamevnawa.it mahammahamevnawaitaly@gmail.com

සීල භාවනා වැඩසටහන් හි සොදුරු දසුන්   

Visit Us On FacebookVisit Us On Google PlusVisit Us On Youtube