Home 2017-06-28T19:15:40+00:00

තිලොවග බුදු සමිදේ …!

මෙත් සිති සෙත් පතමි…!

සත්‍යය යනු බුදු දහමයි….

පින්වතුනි, පින්වත් දරුවෙනි,
පගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා. එය ඇසූ ඔවුන් ඒ යුගයේ මුනිවරයන් බවට පත්වූයේ මුළු දඹදිව් තලයට ම ස්වර්ණමය යුගයක් උදා කරමින්.ජීවිතය පීඩාවට, අසහනයට, වේදනාවට, කලබලයට, දුකට පත් කරවන යම් දෙයක් ඇද්ද, ඒ සියලු දෙයින් නිදහස් වෙන්නට ඔවුන් සමත් වුණා. බිය සැක රහිත වූ සිතින් ජීවත් වූ ඔවුන් ජීවිතයේ සියලු අභියෝගයන්ට සතුටින් මුහුණ දුන්නා. ඉපදෙන මැරෙන ලොවින් නිදහස් වුණා. ඔවුන් සතු වූ ප්‍රඥාව මෙකල මිනිසාගේ ප්‍රඥාවට වඩා වෙනස් වූයේ එය අලෞකික දෙයක් නිසාවෙනි. ඒ විස්මිත ප්‍රඥාව මිනිසා තුළ උපදවාලීම පිණිස බුදුරජුන් වදාළ දේශනා…

අසපුවේ පැවැත්වෙන සදහම් වැඩසටහන් 

  • සෑම මසකම දෙවන ඉරුදින මාසික සීල භාවනා වැඩසටහන 

  • සෑම මසකම තුන්වන ඉරුදින මාසික ළමා සීල භාවනා වැඩසටහන 

  • සෑම ඉරුදිනකම සීල භාවනා වැඩසටහන 

  • සෑම බදාදා දිනකම සවස 7.00 ට “බුදු සමිදුයි පුංචි අපියි” ළමා සදහම් වැඩසටහන්    

  • සෑම මසකම සෙනසුරාදා සවස 4.00 ට ළමා වැඩසටහන  

Latest photo’s

නවතම ධර්ම දේශනා 

බුදු සමිදුයි පුංචි අපියි 

ඔබගේ සැදැහැබර දායකත්වය ලබා දී ජීවිතයට අනුස්මරණීය පිනක් එක්කරගන්නයි මේ පින්බර අවස්ථාව

සෙනසුන් පූජාව

ඉතාලි අසපුව සදහා ස්ථිර ගොඩනැගිල්ලක් අප හට සොයාගැනීමට හැකිවිය.
මෙහි ස්වමින්වහන්සෙලා 6 දෙනෙකුට නේවාසිකව වැඩ වාසය කල හැකි අතර
විශාල ප්‍රමාණයේ ධර්ම ශාලාවක්, දාන ශාලවක් සහ වැසිකිළි කැසිකිළි පහසු කම් වලින්ද යුක්ත වේ.
මෙම සෙනසුන් පූජාව පින්වත් ඔබත් සහභාගී වී අපමන පිං රැස්කර ගනිත්වා!!!

පොහොය දින දර්ශනය  

  • අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.
  • සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් ලෝකධාතූන් කම්පා කරවමින් ප‍්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභිනික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.
  • බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනක වන අතර භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් සමාදන් වීම යෙදී ඇත්තේ ද පින්බර ඇසළ පුන් පොහෝ දිනටය.

නවතම සදහම් ප්‍රකාශන 

ඉතාලි සදහම් වැඩසටහන් 

නාපොලි නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

 

රෝම නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන් 

 

කතානියා නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන් 

 

බ්‍රේසියා නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන් 

 

බොලෝඤ්ඤා නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්

 

පෙසරෝ නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්  

 

කෝමෝ නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්  

 

නොවාරා නගරයේ පවත්වන මාසික සීල භාවනා වැඩසටහන්  

 

+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන සංයුත්තය – උද්දාන ගාථා)

+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+


Home
 
| Children’s Programs Gallery | TV | Radio | About Us | Contact Us | Donation

Visit Us On FacebookVisit Us On Google PlusVisit Us On Youtube